Home / ඔක්කොම එකට / THE WITCHER Trailer (2019) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග |

THE WITCHER Trailer (2019) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග |

The Witcher කිව්වම ඉතින් කවුරුත් නොදන්නවා වෙන්න බෑනෙ.මොකද මේක ඉස්සරහට එන්න තියෙන Netflix ලගෙ සුපිරිම වැඩක්.The Witcher කිව්වම හැමෝටම මතක් වෙනවා ඇති පරිගණක ක්‍රීඩාව 😍 ඒකත් ඉතින් ගොඩක්ම ජනප්‍රිය එකක්නෙ.අද අරන් ආවෙ ඉස්සරහට එන්න තියෙන කතා මාලාව ගැන පොඩි විස්තරේකුයි,ඒකෙ ට්‍රේලර් එක සිංහල උපසිරැසි එක්කම.

කථාංග අටකින් යුත් මෙම කතා මාලාව පදනම් වෙලා තියෙන්නෙ පෝලන්ත ලේඛක Andrzej Sapowski ගේ “අද්භූත බලයන් සහිත රාක්ෂ දඩයම්කරුවා” වන නවකතාව ඇසුරෙණ්.

Game of Thrones සහ outlander කතා මාලා අධ්‍යක්ෂණය කළ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරුන් මෙයට සම්බන්ධ කරගන තියෙනවා කියලා තමයි කියන්නෙ.

Netflix ආයතනය The Witcher රිලීස් කරන්නෙ කවද්ද?

Netflix ආයතනය කියලා තියෙන්නෙ මේක එළඹෙන දෙසැම්බරයේ එහෙමත් නැත්තන් නත්තල් සමයත් එක්කම රිලීස් කරනවා කියලා තමයි. එළඹෙන දෙසැම්බර් 17 තමයි මේක රිලීස් කරනවා කියලා තමයි තියෙන්නෙ,හැබැයි ඉතින් මේක කල් යන්නත් පුළුවන්, හරියටම කියන්න බෑ එක එක හේතු නිසා ඒවා වෙනස් වෙන නිසා.

Henry Cavill පසුගිය ජූනි මාසයේ Instagrame ඔස්සේ පවසා ඇත්තේ ඒ වනවිටත් සියළුම රූගත කිරීම් අසවන් කර ඇති බවයි,තවත් ඔහු පවසා ඇත්තේ ඔහුගේ වේශ නිරූපණ කටයුතු වලට වේශ නිරූපණ ශිල්පීන් අවදි වී ඇත්තේ පාන්දර 3 ට කියලයි. ඒ කියන්නෙ මේකෙ ජෙරල්ට් චරිතය විදිහට එයාව වෙනස් කරන්න ගොඩක් වෙලා යනවා කියලා තමයි කියන්නෙ.

ජුලි මාසයේදී Netflix ලා විසින්ම පළකරපු ලිපියෙන් පළමු පෝස්ටරයත් නිකුත් කරලා තිබ්බා, ඒකෙ තියෙන්නෙ ජෙරල්ට් කදුකරේක ඉදන් පල්ලෙහා බලාන ඉන්න පොස්ටර් එකක්,

 

මේකට රංගනයෙන් දායක වෙන්නෙ Bjorn Hlynur Haraldsson, Anya Chalotra, Mimi Ndiweni, Therica Wilson-Read and Milie Brady කියන අය තමයි.

මේකෙ Characters Poster ටිකකුත් නිකුත්වෙලා තියෙනවා
👇👇👇👇

 

 

 

මුලින්ම Andrzej Sapkowski ගේ The Witcher පොත් මාලාවෙන් චිත්‍රපටියක් තමයි හදන්න ගිහින් තියෙන්නෙ, නමුත් “ඔබ නවකතා අටක් අරගෙන ඒක චිත්‍රපටයක් බවට පත් කරන්නේ කොහොමද? යන තර්කය නිසාවෙන් ඔවුන්ට චිත්‍රපටිය ගැන බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුවුණා, ඒත හැබැයි කොහොම හරි ගොඩක් තර්ක විතර්ක මැද මෙයාලා අන්තිමට තීරණය කළා කතා මාලවක්ම නිර්මාණය කරන්න.අන්න ඒකෙන් තමයි “The Witcher” කතා මාලාව නිර්මාණය වුණේ.

 

කියපු විස්තර ටික ඇති කියලා හිතනවා,අනිත් ටික කතා මාලාව නිකුත් උනාම බලමු.පහළින් තියෙනවා Trailer එක.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!