Home / ඔක්කොම එකට / නයන්තාරාගේ මීළඟ කොලිවුඩ් චිත්‍රපටය | Nayanthara’s Next Tamil Film Sinhala Article |

නයන්තාරාගේ මීළඟ කොලිවුඩ් චිත්‍රපටය | Nayanthara’s Next Tamil Film Sinhala Article |

මේ වසර තුළ දැනට තිරගත වූ නයන්තාරාගේ චිත්‍රපට වාණිජමය අතින් අසාර්ථක වූ බව නොරහසකි. මේ දිනවල රජිනිකාන්ත් මහතාගෙ දර්බාර් චිත්‍රපටය සමග කාර්‍ය්බහුල ව සිටින නයන්තාරා ඇයගේ මීළඟ චිත්‍රපටය සඳහා යොමු වී සිටියි. අවල් චිත්‍රපටයෙ අධ්‍යක්ෂක වන මිලින්ද්ගේ මීළඟ චිත්‍රපටය සඳහා නයන්තාරා තෝරාගෙන ඇත. නයන්තාරාට හිමි චරිතය අභියෝගාත්මක චරිතයක් වන අතර එම චිත්‍රපටය Thriller ගණයට අයත් වෙයි. චිත්‍රපට කණ්ඩායම එහි රූගත කිරීම් සැප්තැම්බර් මස අග හෝ ඔක්තෝබර් මස මුල සිට හෝ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ගවල සඳහන් වේ.

මෙහි සිත්ගන්නා සුළු කාරණය නම් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්‍ය් නයන්තාරාගේ ආදරවන්තයා වන විග්නේෂ් සිවන් විසින් සිදු වීමයි. මෙම චිත්‍රපටය පිළිබඳ නිල දැනුම්දීම් ඉදිරියේ දි නිකුත් වන බව ද ආරංචි මාර්ගවල සඳහන්.

© Nethmi Parindya Ranathunga
Source – Times Of India

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!