Home / ඔක්කොම එකට / Kaappaan 2019 Sinhala Review

Kaappaan 2019 Sinhala Review

Biggest Come Back of Suriya Kaappaan 2019

කාප්පාන්, අධ්‍යක්ෂක වරු ආනන්ද් ගේ අධ්‍යක්ෂණයෙන් සහා සූර්යා ගේ රංගනයෙන්, ටැමිල් සිනිමාව වෙනුවෙන් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්‍රපටයක්.😮

සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සහා ත්‍රාසජනක සෝෂියල් මෙසෙජ් එකෙන් තමයි කාප්පාන් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කැටගරි තුන උපරිම හොදට screenplay එකට සම්බන්ධ වෙලා තියෙනවා. 👌

K. V. Anand 👇
[කනා කන්ඩේන්] Thriller/Romance කැටගරි එකට අයත් චිත්‍රපටයක්, ඔහුගේ පලවෙනි චිත්‍රපටය. රිවේන්ජ් එක වෙනම විදිහකට පෙන්නුම් කරපු කෙනෙක් තමයි අධ්‍යක්ෂක වරු ආනන්ද්. ඔහුගේ චිත්‍රපටි වලින්, ජනතාවගේ හදවතට රැදුන චිත්‍රපටි

• Ko 2011 දවස් 175ක් තිරගත වුන චිත්‍රපටයක්.

• Ayan 2009

• Maattrraan 2012

• Anegan 2015

මේ චිත්‍රපටි ඔක්කොම අධ්‍යක්ෂක වරු ආනන්ද් ගේ සුපිරිම නිර්මාණයක්.

කවන් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් අසමත් වූ චිත්‍රපටයක්. හැබැයි දැන් කාප්පාන් වැනි අතිදැවැන්ත චිත්‍රපටයකින් ඔහු ලොකු Come Back එකක් දීලා තියෙනවා. 💪👈

Story 👇
1st Half එකේ සම්පූර්ණයෙන්ම ඉන්දියාව සහා පාකිස්ථානය අතර තියෙන ගැටුමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අතර ගොවිතැන් වලට සිදු වෙන හානි. අනාගතයේදී ගොවිතැන් ඉදිරියට ගෙනියන විදිහ. රියැලිටි එක්ක පෙන්නුම් කරලා තියෙනවා.

ඒ දේම තමයි 2nd Half එකේ ගොඩක් ඉහලින් පෙන්නුම් කරලා තියෙන්නේ. ඉන්දියාවේ දැන් ගොඩක් තැන් වල ලොකු ලොකු රසායනික කම්පැනිස් විවෘත කරලා තියෙනවා. ඒ නිසා ගොවිතැන් වලට ලොකු හානියක් සිදු වෙනවා. ඒ හානිය නිසා ගොවියන්ගේ ජිවිත අපතේ යනවා. 😥. මේ දේවල් ඔක්කෝම මම විතරයි දන්නේ කියලා, ලොකු ෂෝ එකක් පෙන්නුම් කරන්නේ නැතුව😎, රියැලිටි එක මොකක්ද කියලා හොදට පෙන්නුම් කරලා තියෙනවා. 👌 ඒ අතින් බලනකොට මේ චිත්‍රපටයේ Screenplay එක උපරිම හොදයි. ඇක්ෂන් ඕන කරන විදිහට තමයි දීලා තියෙන්නේ. රොමෑන්ස් ගොඩක් ඩීප් එකට පෙන්නුම් කරලා නෑ. හැබැයි සමබරතාවය තියෙනවා. ඒ අතර පොඩි පොඩි කොමඩි ටිකක් තියෙනවා. ගොඩක් නිර්මාණාත්මක screenplay එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ❤

The Complete Actor Mohanlal 👇
ඔහුට Complete Actor සම්මාන පහකටත් වැඩිය ලැබුනා, ඒකට හේතුව ඔහු සම්පූර්ණයෙන්ම හොද නළුවෙක් නිසා 👌. කාප්පාන් චිත්‍රපටයේ ඔහුට කෙටිකාලීන රෝල් එකක් ලැබුනත්, ඒ චරිතය උපරිම හොදට ඔහුගේ රංගනයෙන් පෙන්නුම් කරලා තියෙනවා 💪. Prime minister චරිතයකට තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඔහු, සැබෑ Prime minister කෙනෙක් ගේ හැසිරීම් රටාව ඔහුගේ ඒ රංගනයෙන් බලා ගන්න පුළුවන්. ඒ තරම් හොඳ රංගනයක් පෙන්නුම් කරලා තියෙනවා. ❤

Arya 👇
ඔහු මේ චිත්‍රපටයේ, Mohanlal ගේ පුතාගේ චරිතයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. 1st Half එකේ ඔහුගේ චරිතය ගොඩක් දුරට screenplay එකට ඇතුල් වෙලා නෑ. හැබැයි 2nd Half එකේ ඔහුගේ චරිතයට ලොකු බලයක් දීලා තියෙනවා. ඔහුගේ චරිතය ලොකු බලවත් චරිතයක්, ඒ චරිතය ගොඩක් විනෝදාත්මක විදිහට ඔහු පෙන්නුම් කරලා තියෙනවා. ඒ රංගනය ඒ චරිතයට හොදට ගැලපෙනවා, ඔහුගේ වයස් සීමාව අනුව, ඔහුට ලැබුන චරිතයට, ඔහු පෙන්නුම් කරපු රංගනය ඇත්තටම ගොඩක් හොදයි 👌❤

Sayyeshaa 👇
එච්චර ලොකු ප්‍රධාන චරිතයක් නෙමෙයි කරලා තියෙන්නේ. හැබැයි 2nd Half එකේදී ඇයගේ චරිතය ත්‍රාසජනක පැත්තට හැරිලා තියෙනවා. ඇයත් උපරිම උත්සාහයක් දක්වලා, ඇයගේ චරිතය උපරිම හොදට කරලා තියෙනවා. ❤👌

Boman Irani 👇
බොලිවුඩ් සිනමාවේ දක්ෂ නළුවෙක්. 💪, කාප්පාන් චිත්‍රපටය අනුව ඔහු ප්‍රධාන චරිතයක්. 1st Half එකේ සාමාන්‍ය හොද චරිතයක් විදිහට තමයි පෙන්නුම් වෙන්නේ. 2nd Half එකේදී ඔහුගේ චරිතය සම්පූර්ණයෙන්ම Negative පැත්තට හැරෙනවා. අන්න ඒ transform එක ඔහු හොදට කරලා තියෙනවා. සයිලන්ට් රංගනයක් Negative, positive මේ දෙකෙන් ම පෙන්නුම් කරලා තියෙනවා. ❤👌

Suriya 👇
මේ චිත්‍රපටයේ ලොකුම අයියක් තමයි ඔහු.💪.
ටැමිල් සිනමාවේ ස්ටන්ට් වලින් අජිත් ට පස්සේ මම බලපු හොදම නළුවෙක් නම් ඒ Suriya තමයි. ලොකු කැපකිරීමක් කරලා තියෙනවා ඔහු මේ චිත්‍රපටය වෙනුවෙන්. කෝමත් චරිත පහක් විතර පෙන්නුම් කරලා තියෙනවා මේ චිත්‍රපටයෙන්. ඒ චරිත වලින් ප්‍රධාන චරිතයක් තමයි. PM ගේ Personal
Protector 🕴, ඒ චරිතයට ගැලපෙන විදිහට ඔහුගේ ස්වරූපය ඔහු ගොඩක් වෙනස් කරගෙන තියෙනවා, ඒ වගේම තමයි හැම චරිතයකට ම ගැලපෙන විදිහට ඔහුගේ ස්වරූපය ඔහු ගොඩක් නිර්මාණාශිලිව වෙනස් කරගෙන තියෙනවා. TSK , NGK වැනි FLOP චිත්‍රපටි දුන්නට, මමත් ඉන්දියන් සිනමාවේ KING කෙනෙක් තමයි කියලා කාප්පාන් චිත්‍රපටයෙන් පෙන්නුම් කරලා තියෙනවා ඔහු. 💪❤👌

Harris Jayaraj 👇
පලවෙනි සිංදුව හැර, අනිත් සිංදු ලිස්ට් එක වැඩිය රසවත් නෑ 😥, හැබැයි BGM එක උපරිම හොදට නිර්මාණය කරලා තියෙනවා ❤.

VFX නම් ටිකක් විතර පේනවා, හැබැයි ඒක අවුලක් නෑ කියලා තමයි මම හිතන්නේ, ඒකට හේතුව, කෝට් 300ක් විතර වියදම් කරපු සාහෝ චිත්‍රපටයේ VFX පෙන්නුම් වෙනකොට, ඊට වඩා අඩු budget එකක් මේක, ඉතින් VFX පෙන්නුම් වෙන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි, ඒ වගේම තමයි VFX පෙන්නුම් වෙන තරමටම විශුවල් වල රියැලිටි එකත් හොදට පෙන්නුම් කරලා තියෙනවා.

චිත්‍රපටයෙන් මම බලපු Negative පැත්තක් නම්, screenplay එකේ වේගය, ඉටපු ගමන් අඩු වෙනවා, වැඩි වෙනවා, ඒ වගේම climax එක ටිකක් ලොකුවට බලාපොරොත්තු වුනා, හැබැයි ඒ තරම් ලොකු climax එකක් තිබුනේ නෑ. මේ දෙක විතරයි. 😁

අධ්‍යක්ෂක වරු ආනන්ද් කියන්නේ, කෙනෙක් ගේ රසාස්වාදයට ගෞරව කරන පුද්ගලයෙක්. ඒ අනුව තමයි ඔහු කතා නිර්මාණය කරන්නේ. කාප්පාන් චිත්‍රපටයත් ඒ වගේ නිර්මාණයක්.

සම්පූර්ණයෙන්ම ෆ්රේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඇක්ෂන්, සෝෂියල් මෙසෙජ් සහා ත්‍රාසජනක ව. ෆ්රේම් එක උපරිම ඇක්ෂන් වලින් හොලිවුඩ් රේන්ජ් එකකට ගෙනියලා තියෙනවා. චිත්‍රපටයකට screenplay එකක් නිර්මාණය කරන්න කෝමත් පිටු 130ක් ඕන වෙනවා. කාප්පාන් චිත්‍රපටයට duration එක අනුව කෝමත් පිටු 190ක් විතර යන්න ඇති. ඒ 190 වෙන් ගොවිතැන් සහා ගොවියන් ගැන උපරිම හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා.

සුපිරිම චිත්‍රපටයක්, කැමති අය තියටර් ගිල්ලා බලන්න, නැත්නම් HDRIP ආවට පස්සේ අනිවාර්යෙන් ම බලන්න.

Typing එකේ වැරදීමක් තිබුනොත් සමාවෙන්න 🙏

Marshal_Jansz ✍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!